" ලාල් කාන්ත කඩුවෙල ඉඩමක් අරගෙන සුපිරි මන්දිරයක් හදලා." මේ දවස්වල රටේ ගොඩක් දෙනෙක් කතා වෙන්නේ ඒ ගැන.ලාල් ඒ ගැන යූ ටියුබ් program එකකුත් කළා.ලාල් හදන්නේ වැඩේ සාධාරණීකරණය කරන්න.ලාල් කියන්නේ එයා පක්ෂයේ දේපලවලට,ඒ කියන්නේ පක්ෂයට හම්වෙන මුදල්වලට සහ සම්පත්වලට අත තියලා නෑ,ඒ වගේම රාජ්‍ය දේපලවලට අත තියලා නෑ කියලයි.
ලාලුත් අර අනිත් ජේවීපීකාරයෝ වගේම එයාට පරම්පරාවෙන් අයිති ඉඩ කඩම් විකුණලා කොළඹින් ඉඩමක් අරන් ගෙයක් හදලා.ලාල් ඒක සරල කරන්න යන විදිහෙන් ලාලා තව ගොඩක් දේවල්වලට කොටු වෙනවා.ඒ ගැන හෙට කතා කරමු.ලාල් කියන්නේ ලාල්ට ඕනි නං සතියක් ඇතුලත සිය දෙනෙක්ගෙන් රුපියල් ලක්ෂ පහ ගානේ කෝටි පහක් ඉල්ලගන්න පුළුවන් කියලයි.ලාල් මේ කියන්නේ ඒ තරම් සමාජ වටිනාකමක් ලාල්ට තියනවා කියලයි.එතකොට ජෙප්පෝ ඉතිහාසයේ මහින්දට හොරා,හොරා කියපු එක වැරදියිනේ.
හිටපු අනිත් ඇමතිවරුන්ට හොරු කියලා චෝදනා කරපු එකත් වැරදියිනේ.නාමල්ට,යෝෂිතට,රෝහිතට චෝදනා කරපු එකත් වැරදියිනේ.ලාල්ට ඔය තරම් සමාජ වටිනාකමක් (ප්‍රාග්ධනයක්) තියනවා නම් මහින්දට කොච්චර එකක් තියෙන්න ඕනිද?බැසිල්ට කොච්චර එකක් තියෙන්න ඇද්ද?ලාල්ට සීයකින් ලක්ෂ පහ ගානේ සතියක් ඇතුලත ගන්න පුළුවන් නම් මහින්දට දවසකට ලක්ෂ සීය ගානේ පන්සීයක්ගෙන් ගන්න පුළුවන්කම තියෙන්න ඕනි. එතකොට ඒ මිනිස්සු කරපුවා හොරකම්වෙලා ලාල් ඇතුළු ජවිපෙ නායකයන් කරපුවා සාමාන්‍ය දේවල් වෙන්නේ කොහොමද?
ඇත්තටම මේ ජෙප්පෝ ටික මේ තරම් ඉක්මනට සල්ලිකාරයෝ උනේ කොහොමද?මේ වෙන කිසිදෙයක් නෙවෙයි රාජ්‍ය බලය පාව්ච්චි කරගෙන කප්පම් සහ කොමිස් අරන්.හොරකම් කරලා. පුළුවන් නම් එහෙම නෑ කියලා නීතිය ඉස්සරහා අභියෝග කරපල්ලා.ඇත්තටම ලාල් මේ වත්කම් ඉපයපු විදිහට රටට කියන්න ඕනි.ලාල්ට සීයක්ගෙන් ලක්ෂ පහ පහ ගන්න පුළුවන් කියන එකේ අනිත් පැත්තත් වෙන්න පුළුවන්.ලාල් කොටි පහක් හොරකම් කරලා.තමන්ට හිතවත් සිය දෙනෙකුට ලක්ෂ පහ පහ දීලා ආය ගත්තද දන්නේ නෑ.
එහෙම ගන්න ඒකට තියරියක් ජවිපෙට දැන් තියනවා.දෙන කෙනා දෙන්ඩ එකඟ නං ගන්න කෙනා ගන්න එකඟ නං ඇයි උඹලට පාන්ද?ප්‍රසිද්ධ හදුනෙත්ති තියරිය තියනවා.හැබැයි මේවා නීතිය ඉදිරියට ගියාට පස්සේ කවදාහරි දවසක හොරකම් කරපු ජෙප්පන්ට එරෙහිව ලොකුම සාක්ෂිය වෙන්නේ ජෙප්පන්ගේ ඉතිහාසයම තමයි.අද කෝට් ප්‍රකෝටිපතියෝ වෙලා ඉන්න අනුරලා,ලාල්ලා,වසන්ත සමරසිංහලා ....ඇතුළු සියලු ජෙප්පෝ මීට අවුරුදු එක හමාරකට උඩදී තමන්ගේ ආර්ථික තත්වය ගැන රටට කියලා තියනවා.යට කලිසමේ තියන හිල් ගානත් ඕකුන් කිව්වා.
හාල්,පොල් ටික එලවළු ටික.කමිසෙ,කලිසම විතරක් නෙවෙයි යට කලිසම පවා පක්ෂ සාමාජිකයන්ගෙන් ඉල්ලගත්ත හැටි කියලා තියනවා.එයාලගේ වත්කම් සහ බැරකම් ප්‍රකාශවල ඒවා සටහන් වෙලා තියනවා.ඒක නිසා ජෙප්පෝ පස්සෙන් එලවන්නේ අපි කවුරුවත් නෙවෙයි ජෙප්පන්ගේ ඉතිහාසයමයි.ඇත්තටම මෙතනදී ලොකුම ප්‍රශ්නය මතු වෙන්නේ මේ තක්කඩි නායකයෝ නඩත්තු කරපු ජේවීපී සාමාජිකයින්ට.ජවිපෙ සාමාජිකයට මොලයක් කියලා එකක් තියනවා නම් දැන් තේරෙන්න ඕනි එදා ලාල්ලා සල්ලි තියාගෙන පක්ෂ සාමාජිකයන්ට නැතිකම පෙන්නලා පක්ෂ සාමාජිකයෝ මංකොල්ල කාළා.
ඒක එහෙම නම් ඒක පක්ෂයේ ඉහලින් කරපු සංවිධානාත්මක වංචාවක්.හැබැයි නන්දන ගුණතිලක,සෝමවංශ අමරසිංහ,ජී කුලරත්න වගේ සහෝදරවරුන්ගේ භාවිතාවන් එකක් ගනිද්දී රටේ රාළලා හිටපු ජවිපෙ ඇතුලේ මෙහෙම තිබුණේ නෑ.තියෙන දෙයකින් යැපිලා පක්ෂයේ අරමුණුවලට යන්න මහන්සි වෙච්චි නායකයෝ එදා ජවිපෙ හිටියා.ඇත්තටම කෝච්චියේ ටොපී, සිගරට් වික්ක අනුර කුමාරට,වසන්ත සමරසිංහට මේ අවුරුදු එක හමාර ඇතුලේ එකපාරට හතර මහ නිධානය පහල වුනේ නෑ.
පොඩි යෝගට් බිස්නස් එකක් කරගෙන හිටිය ලාල් ෆූල් ටයිම් එනකොට ගෙදර නඩත්තුවට තිබුණේ නෝනගේ ජොබ් එක විතරයි.ඇත්තටම මුන් හොරකම් කළා.දැන් අනුරත් හොරෙක් නිසා කිසිම කෙනෙකුට කිසිම දෙයක් කියන්න බෑ.මොකද අනුර තමයි මේ රටේ දැනට ඉන්න ලොකුම හොරා.කන්ටේනර් 323නේ හොරකම සහ බාල ගල් අඟුරු වංචාව තමයි මේ රටේ මේ දක්වා වෙලා තියන ලොකුම හොරකම.අනුරට හොඳ නම් අපිට මොකද කියලා දැන් හැම ජෙප්පම හොරකමට බැහැලා.
ලාල් හොඳ ගෙයකට හිටියට අපිට කිසිම අවුලක් නෑ.කිසිම ඉරිසියාවකුත් නෑ.හැබැයි ඔය ජවිපෙ නායකයෝ තමන්ගේ පක්ෂ පූර්ණකාලීනයෙකුට නිවසක ඉන්න අවම පහසුකමවත් දුන්නේ නෑ.ලාල්ලා,අනුරලා,විජිතලා පක්ෂයේ සම්පත් පාව්චිචි කරගෙන තමයි මන්දිර හැදුවේ.දේශපාලන බලය පාව්චිචි කරලා සල්ලි හෙව්වා.එහෙම කරන ගමන් තමන්ගේ පක්ෂයේ වැඩකරන පූර්ණකාලීනයින්ට බල්ලන්ට වගේ සැලකුවා.ඒක හොඳට උදාහරණයක් කියන්න මේක හොඳම වෙලාව.
රටේ රාළ ජවිපෙ ඉන්න කාලේ විජිත තමයි ගම්පහ දිස්ත්‍රික් නායකයා.විජිත දේශපාලන මණ්‌ඩල නියෝජිතයා විදිහට බැලුවේ රත්නපුර දිස්ත්‍රික්කය.රටේ රාළත් එතකොට රත්නපුර දිස්ත්‍රික් කම්ටුවේ හිටියා.ඒ කාලේ x කියලා රත්නපුරේ සහෝදරයෙක් විජිත කොහොම හරි ගම්පහ දිස්ත්‍රික්කයට පූර්ණකාලීනව අරන් තිබුණා.xට පොඩි පුතෙක් හිටියා සහ නෝනට (88/89පක්ෂයේ වැඩ කරපු සහෝදරියක්) තව දරුවෙක් ලැබෙන්න හිටියා.මේ පවුල නඩත්තු කරන එක ගම්පහට හිසරදයක් සහ තවත් මොනවා හරි ප්‍රශ්න හින්දා විජිතට මේක ලොකු බරක් වෙලා තිබුණේ.
විජිතට ඕනි උනේ මෙයාව කොහොම හරි රත්නපුරට ගෙනත් දාන්න.විජිත දේශපාලන මණ්ඩලයෙන් රත්නපුර දිස්ත්‍රික්කය බලන කෙනා හින්දා ඒ බලයත් පාව්ච්චි කරගෙන එයා රත්නපුර ගෙනත් දැම්මා.රත්නපුර අධ්‍යාපන මධ්‍යස්ථාන බාර දුන්නේ එයාට.ඒ කාලේ අධ්‍යාපන මධ්‍යස්ථාන තිබුණේ හෙල උඩ කියන ප්‍රදේශයේ.අධ්‍යාපන මධ්‍යස්ථානයේම එක කොටසක මේ පවුලත් පදිංචි කළා.හෙල උඩ කියන්නේ ප්‍රසිද්ධ නාය යන තැනක්.අවස්ථා ගාණකදී ගිය නායවලින් කීපදෙනෙක් මැරුණා.
කොහොම හරි දවසක් මහ රෑ නාය එන්න පටන් අරන්.අර සහෝදරයා බිරිඳ සහ දරුවා අරන් දවස් කීපයක් නෑදෑ ගෙදරකට ගියා.නාය නිසා අධ්‍යාපන මධ්‍යස්ථානයත් එතනින් අයින් කළා. පස්සේ දිප්පිටිගල තැනක අර පවුල නැවැත්තුවා.දිප්පිටිගල අයිති පැල්මඩුල්ල ආසනයට.කන්දක් මුදුනක තිබුණ පොඩි ගෙයක්. අර සහෝදරයා එතකොට පක්ෂයේ වැඩ කළේ ඇහැලියගොඩ ආසනයේ.ගොඩක් දවසට ෆුල් ටයිම් කරන අය ගෙදර එන්නේ නෑ. අර සහෝදරිය මහ කන්දක් උඩ අවුරුදු පහක දරුවෙක් එක්ක සහ තවත් බබෙක් හම්බ වෙන්න ඔන්න මෙන්නව හිටියා.
දරුවා ලැබෙන දින කිට්ටුවෙලා අර සහෝදරයා එයාගේ පවුලේ අයත් එක්කරගෙන ටික දවසකට අර ඉස්සෙල්ලා හිටිය නෑදෑ ගෙදරට ගිහින් තිබුණා.ඔය අතර දවසක් විජිත රත්නපුර දිස්ත්‍රික් කම්ටුව කැඳවන්න ආවා.එතනදී අර සහෝදරයා වෙන තැනක ඉන්න බව දැන ගත්තා.විජිත ගත්ත තීරණය තමයි එයා පක්ෂයෙන් අයින් කරන්න.වරද පක්ෂයෙන් හදලා දුන්න තැන නොහිටපු එක.මේ යකා අර දරුවා ලැබෙන්න ඉන්න සහෝදරිය ගැන ශත පහකට ගනන් ගත්තේ නැති නරුමයෙක්.
පස්සේ DC එකේ කට්ටිය කෑම කරනකොට රටේ රාළයි,දිපාල් ගුණසේකරයි ගිහින් විජිතට කිව්වා එයාව රත්නපුර අසනයට දෙන්න අපි එයාව නඩත්තු කරන්නම් කියලා.විජිත ඒකට අකමැත්තෙන් අවසර දුන්නා.එතකොට රත්නපුර ආසන සංවිධානයක රටේ රාළ.දිස්ත්‍රික් කම්ටුව ඉවර කරලා ඊළඟ දවසේ රටේ රාළ රත්නපුර දිස්තික් කාර්යාලයට එන පාරේ ගරා වැඩුන පොඩි තැනක අර සහෝදරයා එයාගේ නෝනාගේ කණකර උගස් තියලා ලෑලි ටිකක් අරගෙන එතන මඩුවක් හදනවා,එතන පදිංචි වෙන්න.
දවස් කීපයක් එයා එතන හිටියා.පස්සේ රටේ රාළ ඇතුළු රත්නපුර ආසන කම්ටුව එයාගේ වගකීම බැරගත්තා.රටේ රාළ ජවිපෙන් අයින් වනතුරුම ඒ සහෝදරයා සහ පවුල බලාගත්තා.එදා රත්නපුර ආසනයේ හිටපු සහෝදර සහෝදරියෝ අර සහෝදරයාගේ පවුලේ නඩත්තුව වෙනුවෙන් හැම මාසෙකම දවසක් රත්නපුර නගරයේ කැට හෙලෙව්වා.ජවිපෙ පහල සහෝදර සහෝදරියෝ තමන්ගේ සාමාජිකයා වෙනුවෙන් කැපවෙද්දී එදත් පක්ෂයේ ඉහල තක්කඩි හැසිරුණේ එහෙමයි. තවත් මූන් ගැන විශ්වාස කරනවා නම් ඇත්තටම පව් මෝඩ ජෙප්පෝ.
Lanka Newsweek © 2026